ඖෂධීය වගාවට සියඹලාණ්ඩුව ක්ෂේත්ර මෙහෙයුම් කාර්යාලත් එකතුවේ
සියඹලාණ්ඩුව ක්ෂේත්ර මෙහෙයුම් කාර්යාලයට අයත් සමාගම් 11ක දෙලුම් වගාව අක්කර 5 1/2 ප්රමාණයක් ගොවින් 21 ක් විසින් සිදුකරගෙන යනු ලබති. මෙම කණ්ඩායමේ 17 ක් කාන්තාවන් වීම විශේෂත්වයකි. එම වගා කටයුතු සිදුකරනු ලබන සමාගම් වනුයේ හෙලමුල්ල, පල්ලේගම, අඹගහපිටිය, කොටාගොඩ, ගල්අමුණ, දොඹගහවෙල, පීල්ලබැද්ද, කළුඔබ්බ, හිරිපිටිය හතලිහගම, උඩික්කැපුආර වේ .
කහ සහ ඉඟුරු වගාවද ආදර්ශ වගාවන් ලෙස එක් පර්ෂදයකට එක් සමාගම බැගින් තෝරා සමාගම් 08 ක අක්කර 06 ක් වගා කටයුතු අරම්භ කර ඇත. ගොවින් 45 කුගේ සහභාගීත්වයෙන් කටයුතු සිදුවේ. කාන්තා දායකත්වය 37ක් වීම කැපීපෙනෙන ලක්ෂණයකි පල්ලේගම, බුද්දම, විලඹය, පැරකුම්පුරම්පුර, හෙලමුල්ල, රුහුණුදනව්ව, නාමළුව, පල්ලේගම යන සමාගම් මෙම වගාවන් සිදුකරයි .